ලෝක ප්‍රකට සෙවන් ඉලෙවන් (7-Eleven) ග්‍රොසරි ජාලයේ හිමිකරුවා මෙන්ම, ජපානයේ බිලියනපති ව්‍යවසායකයෙකු වන මසටෝෂි ඉටෝ සිය දිවි ගමනට සමුදී තිබේ.
සෙවන් ඇන්ඩ් අයි හෝල්ඩින්ග්ස් වෙත අයත් වන සෙවන් ඉලෙවන් ග්‍රොසරි ජාලය ලොවපුරා රටවල් රැසක ක්‍රියාත්මක වන අතර, ආසියාවේ සුපිරි ධනකුවේරයෙකු දක්වා ඉටෝගේ ගමන්මඟ හෙළිකිරීමට එම ග්‍රොසරි ජාලය හේතුවිය.
ඉටෝ පසුගියදා සිය දිවියට සමුදෙන විට 98 වැනි වියෙහි පසුවන අතර, ඔහු සිය වයෝවෘද්ධභාවය හේතුවෙන් අවසන්ගමන් ගිය බව සමාගම නිවේදනය කර තිබුණි.