සෙල්ෆි ගන්න ගිය තායිලන්ත අගමැතිවරයා නිරෝධායනයට


කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ අයෙකු සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීම හේතුවෙන් තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයූත් චාන්-චා නිරෝධායනයකට ලක්ව සිටින බව රජයේ ප්‍රකාශක අනුචා බුරපචයිස්රි පැවසීය.

මේ වනවිටත් සම්පූර්ණ එන්නත් මාත්‍රාවම ලබාගෙන ඇති ප්‍රයූත්, දකුණු තායිලන්තයේ ව්‍යාපාර සැසියකට ගිය අවස්ථාවේදී වාණිජ මණ්ඩලයේ සභාපති වීරසැක් පිසානුවොං සමග සෙල්ෆි ඡායාරූපයක් සඳහා පෙනී සිට ඇති අතර, පසුව ඔහු ධනාත්මක අයෙකු ලෙස හඳුනාගෙන තිබේ. 

කෙසේ වෙතත් අගමැතිවරයාට සිදුකළ පරීක්ෂණවලදී ඔහු සෘණාත්මක ප්‍රතිඵල පෙන්වා තිබුණත්, මේ වනවිට අගමැතිවරයා පෞද්ගලික ස්ථානයක නිරෝධායනය කර එතැන් සිට වැඩ කරමින් සිටින බව රජයේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles