සෙනග අතරට මෝටර් රියක් කඩා වැදී අනතුරක්


ඇමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියාවේ බර්වික් හි සෙනඟ අතරට මෝටර් රියක් කඩා වැදීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 13දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙහිදී තුවාල ලැබූවන් පසුගිය අගෝස්තු 5දා අසල්වැසි නෙස්කොප්ක් හි නිවසක අලුයම ඇතිවූ ගින්නකින් මියගිය දරුවන් තිදෙනාගේ සහ වැඩිහිටියන් හත් දෙනාගේ පවුල් සඳහා අරමුදල් රැස්කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් සිටියහ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පවසයි.



Recommended Articles