සුමාත්‍රා දූපත් ආශ්‍රිතව ප්‍රබල භූ කම්පනයක් ඇතිවෙලා


ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර වෙරළට ඔබ්බෙන් අද (14දා) අලුයම රික්ටර් පරිමාණ 6.7ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

මෙම භූමිකම්පාව උදෑසන 4.06ට කිලෝ මීටර් 21 ගැඹුරින් ඇති වූ අතර, එහි අපිකේන්ද්‍රය වෙරළබඩ නගරයක් වන පරිමාන්ට කිලෝමීටර් 167 ක් බටහිරින් වූ බවද එම ආයතනය පෙන්වා දෙයි.

කම්පනය බටහිර සුමාත්‍රා පළාතේ අගනුවර සහ විශාලතම නගරය වන පඩැන්ග් සිට කිලෝමීටර් 197ක් දුරින් විය.

"භූමිකම්පාව මිනිත්තුවක පමණ මධ්‍යස්ථ තීව්‍රතාවයකින් දැනුණු නිසා මිනිසුන් භීතියට පත් වී තම නිවෙස්වලින් පලා ගියා" යැයි ජාතික ආපදා අවම කිරීමේ ඒජන්සිය (BNPB) මූලික වාර්තාවකින් පැවසීය.

ඉන්දුනීසියානු භූ භෞතික විද්‍යා ඒජන්සියට අනුව එම කම්පනයෙන් පසුව ප්‍රබල පසු කම්පන මාලාවක් ඇති විය.

පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මුලින් ප්‍රකාශ කළේ භූමිකම්පාවෙන් ඉන්දියන් සාගර කලාපයට සුනාමියක් ඇති විය හැකි බවයි, නමුත් ඔවුන් පසුව එමඇඟවීම ඉවත් කළේය.

ඉන්දුනීසියාව පැසිෆික් සාගරයේ ගිනි වළල්ල මත පිහිටා ඇති අතර එය නිතර භූමිකම්පා අත්විඳීමට හේතු වේ.



Recommended Articles