සුපුරුදු නත්තලට සූදානම් වීමට බ්‍රිතාන්‍යයට හැකිවේද?


බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම වාණිජමය වරාය වන ෆීලික්ස්ස්ටෝව් හි තදබදයක් තිබුණත්, බ්‍රිතාන්‍ය රජය රටේ වෙළඳ හා සැපයුම් අංශ කෙරෙහි තම විශ්වාසය ප්‍රකාශ කර තිබේ.

ට්‍රක් රථ රියදුරන්ගේ හිඟයක් හේතුවෙන් පසුගිය දිනවල වරායේ දැඩි ප්‍රමාදයක් සිදු වූ අතර, සමහර නෞකා යුරෝපයේ වෙනත් වරායන් වෙත හරවා යැවීමට සිදුවිය. මේ තත්ත්වය තුළ නත්තලට පෙර ඉල්ලුම විසින් සැපයුම ඉක්මවා යනු ඇති බවට භීතිය ගොඩනැගෙමින් තිබේ.

එමෙන්ම කොවිඩ්-19 වසංගතයද සීත සෘතුවේදී යළි හිස එස්වීමේ අවදානමක් පැවතීම නිසා, මේ වසරේදීත් ලන්ඩයේ සුපුරුදු ගිනිකෙළි සංදර්ශනය නොපැවැත්වෙන බව නගරාධිපතිවරයා පවසා තිබේ.



Recommended Articles