හොලිවුඩයේ සුපිරි තරුවක් වන ජෝර්ජ් ක්ලූනි පදවාගෙන ගිය ස්කූටරයක් මෝටර් රථයක ගැටීමෙන් ඔහු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්ලූනි රංගනයෙන් දායක වන නවතම රූපවාහිනී කතා මාලාව වන කැච්-22 හි පටිගත කිරීම් අතරතුර ඉතාලියේ සාඩීනියා නගරයේදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම අනතුරින් ඔහුට බරපතල තුවාල කිසිවක් සිදුව නොමැති බවත්, රෝහල්ගත කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ඔහු රෝහලෙන් පිටත් කර හැර ඇති බවත් ඉතාලියෙන් ලැබෙන වාර්තා පවසයි.
එරට වේලාවෙන් අද උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ ක්ලූනි තමා නැවතී සිටි හෝටලයෙන් ස්කූටරයක නැගී පිටත්ව යන අවස්ථාවේදීය.
ප්‍රකට නීතිවේදිනී අමාල් ක්ලූනි ඔහුගේ වත්මන් බිරිඳ වන අතර, ක්ලූනි සතුව ඉතාලියේ නිවසක්ද පවතී.