සුපිරි පැසිපන්දු ක්‍රීඩකයාට එරෙහි ට්‍රම්ප් අදහසට මෙලානියා එරෙහිවේ


ඇමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක ලීබෝන් ජේම්ස් සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් විසින් සිදුකරන ලද අපහාසාත්මක ප්‍රකාශයකින් පසු ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කටයුතු කර තිබේ.

රූපවාහිනී සාකච්ඡාවකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා පිළිබඳ අදහස් දක්වමින් ජේම්ස් පවසා තිබුණේ, ඔහු ඥාතීන් මෙන්ම, ජාතීන් බෙදා වෙන්කරන්නෙකු බවයි.

මීට ප්‍රතිචාරයක් ලෙස ට්‍රම්ප් පවසා තිබුණේ ජේම්ස් සම්බන්ධ බුද්ධි තොරතුරු අනුව ඔහු ඉතා යහපත් එන්.බී.ඒ. ක්‍රීඩකයෙකු බව පැවසීම අපහසු බවයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයෙන් පසුව මෙලානියා ට්‍රම්ප්ගේ ප්‍රකාශිකාවක් පවසා තිබුණේ ජේම්ස් තම උපන් ගම වූ ඔහිඕ හි පාසල් නගා සිටුවීම සඳහා වඩාත් යහපත් කාර්යයන් රැසක් සිදුකරමින් සිටින බවයි.

විශේෂයෙන්ම දරුවන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් අවශ්‍ය බවද මෙලානියා පවසා තිබුණි.



Recommended Articles