සුඩානයේ, කර්ටෝම් අගනුවර පැවති රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ වෙත එරට ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයක් දියත් කර තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසා තිබුණේ, විරෝධතා ව්‍යාපාරය වෙත වෙඩි තැබීමක් සිදුවූ බවයි. මේ අතර, එරට රෝහල් ආරංචි මර්ගවලට අනුව සිද්ධියෙන් පුද්ගලයන් 8 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයකින් එරට ජනපති ඔමාර් අල්-බෂීර් ධුරයෙන් පහ කිරීමේ සිට මේ දක්වා එරට පාලනය වන්නේ හමුදා කවුන්සිලයක් මගිනි.
කෙසේ වෙතත්, මෙම උද්ඝෝෂණය වෙත වෙඩි තැබීමක් නොකළ බව හමුදාව කියා සිටියද, විරුද්ධ පක්ෂ පෙන්වා දෙන්නේ මෙය ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි තැබීමක් බවයි.
වහාම හමුදා පාලනය අවසන් කර රට සිවිල් පාලනයක් වෙත ගෙනයෑමේ අරමුණින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පවත්වා තිබුණි.