සුඩානයේ පතලක් කඩා වැටී 21දෙනෙකු ජීවිතක්ෂයට


බටහිර කොර්ඩෝෆාන් ප්‍රාන්තයේ සුඩානයේ අල්-නුහුඩ් නගරයේ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 21දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

සුඩාන ඛනිජ සම්පත් සමාගමේ ප්‍රකාශකයෙකු අඟහරුවාදා පැවසුවේ පුද්ගලයින් 8දෙනෙකු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා හදිසි නිලධාරීන් එම ස්ථානයේ යොදවා ඇති බවත්, සිද්ධිය වනවිට පතල තුළ කී දෙනෙකු සිටියාද යන්න තවමත් පැහැදිලි නැති බවත් හෙතෙම සඳහන් කළේය.

මීට පෙරද කඩා වැටීමකින් පසු පළාත් පාලන ආයතන විසින් පතල වසා දැමූ නමුත් එය නැවත විවෘත කරන ලදී.



Recommended Articles