සුඩානයේ ගැටුම් උත්සන්න වූ පරිසරයක එක්සත් ජනපද විශේෂ නියෝජිතයෙකු සුඩානයේ සංචාරයකට පැමිණෙන බව එක්සත් ජනපදය පවසයි.
අප්‍රිකානු කලාපය භාර එක්සත් ජනපද සහකාර ලේකම් ටිබෝර් නග්‍යා මෙම සංචාරයට පෙරදීම පවසා ඇත්තේ, රට තුළ සාමාන්‍ය සිවිල් වැසියන්ට එරෙහිව එල්ල වන ප්‍රහාර නතර කළ යුතු බවයි.
පසුගිය ඉරිදා සිට සුඩානයේ කම්කරු ප්‍රජාව විසින් රට පුරා වැඩවර්ජනයක් ආරම්භ කරමින් එරට හමුදා පාලනය ඉවත්කර සිවිල් පාලයක් වෙත රට රැගෙන යා යුතු බව කියා සිටියි.
මෙම වැඩවර්ජනය ආරම්භ වූ පළමු දින පොලීසිය විසින් එල්ල කළ කඳුළු ගෑස් සහ සජීව උණ්ඩ යොදාකළ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූහ.
ඒ අනුව, වහාම සාකච්ඡා මේසයට පැමිණ මෙම ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් විසඳා ගන්නා ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටීමට ඇමෙරිකානු නියෝජිතයා සූදානම් වන බව එක්සත් ජනපදය වැඩිදුරටත් පවසයි.