සුඩාන හමුදා ප්‍රධානියා සිවිල් වැසියන්ට ආයුද ගන්න කියයි


සුඩානයේ පැරාමිලිටරි හමුදාවන්ට එරෙහි සටන සඳහා ආයුද රැගෙන යා හැකි සිවිල් වැසියන්ටද එක්වන ලෙස සන්නද්ධ හමුදාවේ ජෙනරාල් අණදෙන නිලධාරී අබ්දෙල් ෆටා අල්-බුර්හාන් ඉල්ලීමක් කර තිබේ.

"අපි මගේ රටේ සියලුම තරුණයින්ගෙන් සහ ආරක්ෂා කළ හැකි ඕනෑම කෙනෙකුට රට ආරක්ෂා කිරීමේ ගෞරවය ලබා ගැනීම සඳහා ඔහුගේ පදිංචි ස්ථානයේ හෝ හමුදා ඒකකවලට සම්බන්ධ වීමෙන් මෙම දේශප්‍රේමී භූමිකාව ඉටු කිරීමට පසුබට නොවන ලෙස හෝ ප්‍රමාද නොවන ලෙස ඉල්ලා සිටිනවා"  යැයි නිල සුඩාන රූපවාහිනියේ පෙනී සිටිමින් සන්නද්ධ හමුදාවේ ජෙනරාල්වරයා කියා සිටියේය.

සුඩානයට පවතින තර්ජනවලට මුහුණ දීමට සුපරීක්ෂාකාරීව සහ සූදානම්ව සිටින ලෙස හමුදාපතිවරයා සියලු දෙනාගෙන් ඉල්ලා සිටි අතර, ඔහු පැවසුවේ රට අභ්‍යන්තරව හා බාහිරව කුමන්ත්‍රණවලට ලක්ව ඇති බවයි.



Recommended Articles