සුඩාන අගනගරය හරහා ගලන නයිල් ගඟෙන් මළ සිරුරු 40ක්


සුඩානයේ සිදුවන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ සමග එරට ඛර්ටෝම් අගනුවර හරහා ගලායන නයිල් ගංගාවේ තිබී මිනිස් මළ සිරුරු 40ක් සොයාගැනීමට හැකිවි තිබේ.

පසුගිය සඳුදා සිදුවූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණය සමග ආරක්ෂක අංශ විසින් එල්ල කළ ප්‍රහාරය හමුවේ මියගිය විරුද්ධ පාක්ෂිකයන් මෙම මියගිය පිරිස් අතර සිටින බව විශ්වාස කෙරෙයි.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් චෝදනා කරයි.

සුඩානය පාලනය කරන අන්තර්වාර හමුදා පාලනය විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කියා සිටියත්, එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි ක්‍රියාවක් යැයි විරුද්ධ පක්ෂ ක්‍රියාකාරීන් වැඩිදුරටත් පවසයි.

ඛර්ටෝම් අගනුවර වෙසෙන ජනතාව විදෙස් වාර්තා වෙත පවසා තිබුණේ, ඔවුන් දැඩි භීතියකින් මේ වනවිට දිවි ගෙවන බවයි.



Recommended Articles