සුඛෝපභෝගී මගී නෞකාවක එන්ජින් මුහුද මැදදී අක්‍රීය වෙලා


නෝර්වේ වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබියදී වයිකිං ස්කයි නම් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවේ එන්ජින් හතරම අක්‍රීයවීම නිසා මහත් කලබලයක් ඇතිව තිබේ.

මෙසේ එන්ජින් අක්‍රීයවීමෙන් නෞකාවේ පාලනය සම්පූර්ණයෙන්ම ගිලිහී ගොස් ඇති අතර, එය සාගර රළ පහරට හසුව දැඩි පැද්දීමකට ලක්ව ඇති බවත්, ආසන්නතම වෙරළේ ගල්පරවල ගැටීමේ අවදානමක් උද්ගත වූ බවත් සඳහන් වෙයි.

මෙම සිද්ධියට මුහුණදෙන අවස්ථාවේදී නෞකාව තුළ මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 1,373 දෙනෙකු රැඳී සිටි බව විදෙස් වාර්තා පවසයි.

නෞකාව සාගරයේ සිට නිකුත් කළ හදිසි අනතුරු ඇඟවීමේ පණිවුඩයකට අනුව ක්‍රියාත්මක වූ ගලවා ගැනීමේ භට පිරිස් හෙලිකොප්ටර් යානා ආධාරයෙන් නෞකාවේ සිටි පිරිස් බේරා ගැනීම ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත්, මේ අතරතුර නෞකාවේ එක් එන්ජිමක් ක්‍රියාත්මක කර එය හස්ටාඩ්ස්විකා බොක්ක වෙත සමීපකරවා ගැනීමට කාර්ය මණ්ඩලය සමත්වී ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles