ස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ස්විට්සර්ලන්ත ජනාධිපති සහ විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් මේ ආකාරයෙන් වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇතැයි එරට රජය ප්‍රකාශ කර තිබේ.
ඔමික්‍රෝන් ප්‍රභේදය මගින් අවුලුවන ආසාදන වැඩිවීම සෞඛ්‍ය සේවා පද්ධතිය යටපත් කරනු ඇතැයි යන බිය පහව ගිය හෙයින් ස්විට්සර්ලන්තය 16දා මධ්‍යම රාත්‍රියේ සිට එහි කොවිඩ්-19 වෛරස් වසංගත සීමාවන් ඉවත් කරන බව නිවේදනය කළේය.
කෙසේ වෙතත් රජය පැවසුවේ පොදු ප්‍රවාහනයේදී සහ සෞඛ්‍ය සේවා පහසුකම් වෙත පැමිණීමේදී මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව පමණක් වෙනස්කම්වලින් පසුව තාවකාලිකව ක්‍රියාත්මක වන බවය.