මියන්මාරය විසින් මිලදී ගත් චීනයේ සීනොෆාම් කෝවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 4ක් අද (26දා) යැංගොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බව මියන්මාරයේ චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ වනවිට චීනය විසින් මියන්මාරයට කොවිඩ්-19 එන්නත් මාත්‍රාවන් මිලියන 16.6ක් ලබා දී ඇති අතර, එයින් මිලියන 3.9ක් චීනය විසින් පරිත්‍යාග කළ බව එම නිවේදනය පවසයි.
රට පුරා මිලියන 3.72කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබාදී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ගතවූ පැය 24 තුළ මියන්මාරයේ නව කොවිඩ්-19 රෝගීන් 1,534ක් වාර්තා වී ඇති අතර, මේ සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 458,154 දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම තවත් මරණ 62ක් වාර්තා වීමෙන් පසු මරණ සංඛ්‍යාව 17,527ක් දක්වා ඉහළ ගොස් තිබේ.