සීනොෆාම් එන්නත් නිපදවීම හංගේරියාව තුළත් ඇරඹෙයි


හංගේරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය චීනයේ ඖධ සමාගමක් වන සීනොෆාම් හි අනුබද්ධ ආයතනයක් සමග හංගේරියාවේදී සීනොෆාම් කොවිඩ්-19 එන්නත නිපදවීම සඳහා වූ යටිතල පහසුකම් ව්‍යහුය මාස 10ක් තුළ සාදා නිම කිරීමට අත්සන් තබා තිබේ.

"චීනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින අපගේ හවුල්කරුවන් නිරන්තරයෙන් වෛරසයේ නව විකෘති කිරීම් පිළිබඳව පර්යේෂණ කරමින් සහ වඩාත් ඵලදායි එන්නත් නිපදවීමේ වැඩ කටයුතු කරගෙන යනවා. මෙම එන්නත් නිෂ්පාදන සහයෝගයෙන් හංගේරියාවට නව තොරතුරුවලට ප්‍රවේශය ලබාදෙන අතර, ඉක්මනින් හා ඵලදායීව ප්‍රතික්‍රියා කිරීමට අවස්ථාවක් හිමිවෙනවා" යැයි හංගේරියානු විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් තමාස් මෙන්සර් පැවසීය.



Recommended Articles