සීනොවැක් බූස්ටර් මාත්‍රාවක් ලෙස පිලිපීනය අනුමත කරයි


පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) චීනයේ සීනොවැක් කොරෝනාවැක් එන්නත සහ තවත් වෙළඳ නාම තුනක් කොවිඩ්-19 ට එරෙහිව බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස භාවිතා කිරීමට අනුමැතිය ලබා දී තිබේ.

පිලිපීනයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ අධ්‍යක්ෂ ජනරාල් එන්රීක් ඩොමින්ගෝ විසින් මේ පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව රට තුළ ප්‍රතිශක්තිකරණය වැඩසටහන වේගවත් කිරීම සඳහා බූස්ටර් එන්නත් මාත්‍රා ලෙස චීනයේ සීනොවැක් එන්නතද ජනතාවට ලබාදීමට කටයුතු සූදානම් කරනු ඇති බව පිලිපීනයෙන් වාර්තා වේ.



Recommended Articles