සීතල යුද මානසිකත්වය අත්හරින්න - චීනය කියයි


යුක්රේන ප්‍රශ්නයේ සංකීර්ණ හා විශේෂ ඓතිහාසික සන්දර්භයක් පවතින බව සඳහන් කරමින්, චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව්ට පැවසුවේ, රුසියාවේ නීත්‍යානුකූල ආරක්ෂක උත්සුකයන් චීන පාර්ශ්වය තේරුම් ගන්නා බවයි.

රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සමග පැවති දුරකථන සංවාදයකදී වැන්ග් මේ බව ප්‍රකාශ කළේය.

චීනය සැමවිටම සැමරටකම ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කරන බව වැන්ග් නැවත අවධාරණය කළේය.

ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ සීතල යුද මානසිකත්වය සම්පූර්ණයෙන්ම අත්හැර සංවාදය සහ සාකච්ඡා මගින් සමබර, ඵලදායී සහ තිරසාර යුරෝපීය ආරක්ෂක යාන්ත්‍රණයක් සඳහා උත්සාහ කරන ලෙසයි.

ලැව්රොව් යුක්රේනයේ සහ රුසියාවේ තත්ත්වයේ විකාශනය පැහැදිලි කළේය. එක්සත් ජනපදය සහ නේටෝව ඔවුන්ගේ කැපවීම් ප්‍රතික්ෂේප කළ අතර, නැඟෙනහිර දෙසට ව්‍යාප්ත වූ බවත්, නව මින්ස්ක් ගිවිසුම ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ 2202 (2015) යෝජනාව උල්ලංඝනය කළ බවත් ලැව්රොව් පවසා තිබේ.

තම අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට රුසියානු පාර්ශ්වයට බලකෙරුණු බව ලැව්රොව් චීනය අමාත්‍යවරයාට පවසා තිබේ.



Recommended Articles