රුසියානු-යුක්රේන සාකච්ඡාවල සිව්වැනි වටයක් බෙලාරුස් හිදී නුදුරේදීම පැවැත්වෙන බව රුසියානු නියෝජිත කණ්ඩායමේ සාමාජික ලියොනිඩ් ස්ලට්ස්කි තුන්වැනි වටයේ සාකච්ඡාවලින් පසුව පැවසීය.
"අද යමක් අත්සන් කරන බව යෝජනා කිරීම බොළඳ කරුණක්. මොකද මේවා විශාල ලේඛන. නමුත් මේ ලේඛනවල වැඩ නුදුරු දිනකදීම යළි සාකච්ඡාවට බඳුන් වෙනවා. එබැවින්, ඊළඟ හතරවැනි වටය ළඟදීම බෙලාරුස් හිදී පවත්වනු ඇති" රුසියානු ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෙක් පැවසීය.
කෙසේ වෙතත්, ස්ලට්ස්කි පැවසුවේ තමාට නිශ්චිත දිනයක් ලබා දිය නොහැකි බවත්, "එය නුදුරු දිනයකදීම තීරණය කරනු ඇති" බවය.