සිරියාවේ රජයේ සහ ඉරාන හමුදා ක්‍රියාත්මක ප්‍රදේශ වෙත තම ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.
මෙම කලාපයේ සිටින ඉරාන සටන් කණ්ඩායම් විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස මෙම ගුවන් ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය කියයි.
මෙම ගුවන් ප්‍රහාර නිසා සිවිල් වැසියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරියාව පවසන අතර, ඩමස්කස් අගනුවර ආශ්‍රිතව එල්ල වූ මෙම ඊශ්‍රායල් ප්‍රහාර රැසක් සිය ගුවන් නාශක අවි භාවිතයෙන් විනාශ කළ බව සිරියානු ආරක්ෂක අංශ පවසයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස මීට වඩා වැඩිවිය හැකි බව තහවුරු නොකළ වාර්තා පවසයි.