IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය සමග සම්බන්ධව සිට කුර්දි සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වූ විදෙස් ත්‍රස්තයන් රැසක් උතුරුදිග සිරියාවේ කඳවුරකින් පළාගොස් ඇති බව වාර්තා වෙයි.
කුර්දි බලධාරීන් පවසන්නේ අයින් ඉසා කඳවුර ආසන්නයේ සිදුවූ ගැටුමක් අවස්ථාවේදී මෙම ත්‍රස්තයන් පිරිසක් එම කඳවුරේ ගේට්ටුව බිඳ පැනගොස් ඇති බවයි.
මේ අතර, පසුගියදා තුර්කිය විසින් ඉදිරියට පැමිණෙන කුර්දි සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් දියත් කරනු ලැබිණි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ උතුරුදිග සිරියාවේ ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 130,000ක් පමණ සිය නිවෙස් අත්හැර පළාගොස් ඇති බවයි.