සිරියාවේ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු මියගොස් ඇතැයි එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
සැප්තැම්බර් 20 දා සිරියාවේ ඉඩ්ලිබ් නගරයට එල්ල වූ එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් අල්කයිඩා ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීම, අරමුදල් සැපයීම සහ අනුමත කිරීම සඳහා වගකිව යුතු සලීම් අබු අහමඩ් මිය ගිය බව එම පුවත්වල වැඩිදුරටත් දැක්වෙයි.