සිරියාවේ ගොඩනැගිලි අනතුරකින් 11ක් මරුට


උතුරු සිරියාවේ ඇලෙප්පෝ පළාතේ නේවාසික ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 11දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

පුද්ගලයන් 30දෙනෙකු සමග පස්මහල් ගොඩනැගිල්ල එහි අත්තිවාරමට බලපෑ ජල කාන්දුවක් හේතුවෙන් කඩා වැටී ඇත.

එරට ප්‍රවෘත්ති ඒජන්සිය පවසන ආකාරයට, දිවි ගලවා ගත් පිරිස් සොයා ගැනීමට සහන සේවකයන් තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටියි.



Recommended Articles