සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයෙන් 235,000ක පිරිසක් පලා ගිහින්


සිරියාවේ කැරලිකරුවන්ගේ පාලනය යටතේ පවතින ඉඩ්ලිබ් පළාතේ 235,000කට අධික පිරිසක් සිය නිවෙස්වලින් පලා ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මෙම පළා යාම සිදු වූයේ දෙසැම්බර් 12 සිට 25 දක්වා කාලය තුළ සටන් උත්සන්න වීමත් සමගිනි.

ජනාධිපති බෂාර් අල් අසාද්ට විරුද්ධ කැරලිකරුවන් විසින් අල්ලාගෙන සිටින අවසාන ප්‍රධාන කලාපය වයඹ සිරියාවේ ඉඩ්ලිබ් ය.

රුසියානු පිටුබලය ලබන සිරියානු රජය නොවැම්බර් අග සිට ඉඩ්ලිබ්ට බෝම්බ හෙලීය.

දෙසැම්බරයේ මැද භාගයේ සිට ගුවන් ප්‍රහාර සහ භූමි සටන් වැඩිවීම නිසා ප්‍රදේශයෙන් සිවිල් අවතැන් වීම වේගවත් වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය ඕචා වාර්තාවක් පවසයි.

මෙම යුද ගැටුම් නිසා දැනටමත් කිහිප වතාවක් අවතැන් වූවන්ද ඇතුළුව පවුල් දස දහස් ගණනක් ට්‍රක් රථ හා පෞද්ගලික මෝටර් රථවලින් උතුරට ගමන් කරමින් සිටිති.



Recommended Articles