සිරියාවේ අසාද් යුද්ධය ඇරඹි වසර 11කට පසු අරාබිකරයට


සිරියානු ජනාධිපති බෂාර් අසාද් වසර 11ක් පුරා තම රට විනාශ කළ යුද්ධයේදී තමන්ට විරුද්ධ වූ රාජ්‍යයන් අත්හැර, තෙල් සම්පතින් පොහොසත් රාජ්‍යය සමග සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් තිබේ.

2011 වසරේ සිරියාවේ සටන් ඇරැඹීමෙන් පසු වෙනත් අරාබි රටකට ඔහු සිදුකළ පළමු වැනි සංචාරය සනිටුහන් කරමින් සිකුරාදා අසාද් අබුඩාබියේදී ඔටුන්න හිමි මොහොමඩ් බින් සයිඩ් කුමරු සහ ඔටුන්න හිමි මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් කුමරු ඩුබායිහිදී හමුවිය.

විශේෂයෙන්ම ආයෝජන සහ ආර්ථික සබඳතා සම්බන්ධයෙන් සහෝදර ජාතීන් දෙකේ අභිලාෂයන් වර්ධනය කරගැනීම අසාද්ගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත.



Recommended Articles