සිරියාවේ ISIS ප්‍රහාරයකින් පුද්ගලයන් 4ක් ජීවිතක්ෂයට


සිරියාවේ, පල්මයිරා ප්‍රදේශයේ සිදුවූ IS ත්‍රස්තයන් සිදුකළ ප්‍රහාරයකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව සනා පුවත් එජන්සිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

තුවාල ලැබූවන් හෝම්ස් නගරයේ රෝහල්ගත කර තිබේ.



Recommended Articles