සිරියාවේ IS බලය රැඳි අවසන් භූමියේ ත්‍රස්තවාදීන් පළා යනවා


සිරියාවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ග්‍රහණයේ පැවති අවසන් භූමි ප්‍රදේශයේ සිටින සංවිධානයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල පිරිස් ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානයේ හමුදා මෙහෙයුම් හමුවේ පසුබැස පැනයන බව විදෙස් වාර්තා පවසයි.

මෙසේ පැමිණෙන පිරිස් අතර පිරිමින්, කාන්තාවන්, කුඩා දරුවන් සිටින බවත්, ඔවුන්ගෙන් ඇතමෙකු බරපතළ තුවාල ලබා පැමිණෙමින් සිටින බවත් සඳහන් වෙයි.

එක්සත් ජනපද හමුදා අඟහරුවාදා දිනයේදී පවසා සිටියේ ත්‍රස්ත පාලනයේ පවතින ප්‍රදේශය වර්ග කිලෝමීටර් 50කට සීමා වී ඇති බවයි.

මේ අතර, බදාදා දිනයේදී ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනු ලැබුවේ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් සිරියාව සහ ඉරාකය තුළ බිහිකළ සිය ඉස්ලාම් රාජ්‍යය බිඳවැටී තවත් සතියක කාලයකින් එම රටවල් සම්පූර්ණයෙන්ම IS ත්‍රස්තවාදයෙන් නිදහස් වන බවයි.



Recommended Articles