සිරියාව වෙනිසියුලාව සහ ලොව පුරා සරණාගතයන්ට යාඥාවන්


පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් සිය නත්තල් දින දේව මෙහෙය සිදුකරමින් සිරියාවේ, වෙනිසියුලාවේ සහ ලොව පුරා සරණාගතයන් වෙත යාඥා සිදුකර තිබේ.

වතිකානුවේ බැසිලිකා දෙව් මැදුර ඉදිරිපිටට රැස්වූ දහස් ගණන් ජනතාව ඇමතූ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්, මනුෂ්‍ය හදවත් තුළ පවතින අඳුරු සෙවණැලි නත්තල් ආලෝකයෙන් ආලෝකමත් කරන ලෙස ඉල්ලා සිටියහ.

83 හැවිරිදි වියේ පසුවන පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් වෙනිසියුලාව, යුක්රේනය, සිරියාව සහ විවිධ යුද ගැටුම් පවතින අප්‍රිකානු හා මැදපෙරදිග කලාපයන් සම්බන්ධයෙන්ද මෙහිදී සිය අවධානය යොමු කළහ.



Recommended Articles