සිරියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද හමුදා ප්‍රකාශයකට අනුව, වැඩිවන ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ සිරියානු සහ රුසියානු ප්‍රහාරක ගුවන් යානා එක්ව අභ්‍යාසයක නිරතව තිබේ.
මෙම අභ්‍යාස සහ මුර සංචාර දකුණු සිරියාවේ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරය ආසන්නයේ සහ සිරියාවේ උතුරු හා නැගෙනහිර ප්රදේශවලද සිදුව ඇත.
SU-35 රුසියානු ජෙට් යානා දෙකක් සහ සිරියානු මිග් ප්‍රහාරක ගුවන් යානා 06ක් මෙම අභ්‍යාසවලට සහභාගී වූ අතර, ඔවුන් සතුරු අතථ්‍ය ගුවන් යානා සහ ඩ්‍රෝන යානාවලට මුහුණ දුන්හ.