සිරියානු සංක්‍රමණ බෝට්ටු අනතුරින් මරණ 89ක් වෙයි


සිරියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් සිදුව ඇති අනතුරේ මරණ සංඛ්‍යාව 89ක් පමණ වන බව මේ වනවිට ගණන් බලා තිබේ.

ලෙබනන් හමුදාව ප්‍රකාශ කළේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මුහුද හරහා ප්‍රවාහනය කළ බවට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

බෝට්ටුව අඟහරුවාදා ලෙබනනයේ සිට විවිධ ජාතීන්ට අයත් නීතිවිරෝධී සංක්‍රමණිකයන් රැගෙන නොදන්නා ගමනාන්තයන් වෙත පිටත් වූ බව, දිවි ගලවා ගත් අයගේ සාක්ෂි උපුටා දක්වමින් සිරියානු මුහුදු වරායේ නියෝජිතයන් පවසයි.



Recommended Articles