සියලු මිසයිල නාශක විනිවිද යන රුසියානු නව මිසයිලය


රුසියාවේ නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලය රටේ උතුරේදිග ප්‍රදේශයේ සිට සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු හමුදාව පවසයි.

මෙම පරීක්ෂණ දියත් කිරීම රුසියාවේ උපායමාර්ගික හමුදාවන් විසින් නව ආයුධ භාවිත කිරීම සඳහා සිදුකළ අත්හදා බැලීම් මාලාවක පළමුවැන්න ලෙස ගැනෙයි.

මිසයිලය මුළු රට පුරා පියාසර කර රුසියාවේ ඈත පෙරදිග අත්හදා බැලීමේ ස්ථානයක් වෙත එහි නිෂ්ක්‍රීය යුධ හිස් ස්පර්ශ කරන ලද බව රුසියානු හමුදා පවසයි..

පාලනයකට නතුව ක්‍රියාත්මක වන මෙම උපාය මාර්ගික මිසයිලය R-36M/R-36M2 Voevoda යන අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලවලින් පසුව රුසියාව නිපදවූ සුවිශේෂී අවියක් බව කියයි. එහි පූර්වගාමියා හා සසඳන විට, RS-28 Sarmat වෙත වැඩි ආයුධ රැගෙන යා හැකි අතර, හයිපර්සොනික් ග්ලයිඩර් ඒ‍කක ඇතුළු නව වර්ගයේ යුධ හිස් සවි කළ හැකි බව හමුදාව සඳහන් කළේය.

ජනාධිපති ව්ලැඩිමීර් පූටින් මෙම දියත් කිරීම රුසියාවට ඉතා වැදගත් සිදුවීමක් ලෙස හැඳින්වූ අතර, සාර්ථක අත්හදා බැලීම් පිළිබඳව හමුදාවට සුබ පතන්නටද විය.

"නව RS-28 Sarmat අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල පද්ධතියට ඉහළම උපායශීලී සහ තාක්ෂණික ලක්ෂණ ඇති අතර, සියලුම නවීන මිසයිල නාශක ආරක්ෂකයන් විනිවිද යාමට හැකියාව පවතිනවා. එයට සම කිරීමට ලෝකයේ කිසිදු අවියක් නොමැති අතර, තවත් දීර්ඝ කාලයකට එවැන්නක් නොතිබෙනු ඇති" යනුවෙන් පුටින් පැවසීය.

 



Recommended Articles