එක්සත් රාජධානියට බලපා ඇති සියරා කුණාටුව හේතුවෙන් තද වැසි හා ගංවතුර තත්ත්වයක් එරට තුළ ඇති කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
එරට උතුරු යෝක්ෂයර් හි පැට්ලි පාලම ආශ්‍රිතව දැඩි ගංවතුර තත්ත්වයක් පවතින අතර, බලධාරීන් විසින් අනතුරු ඇඟවීම්ද සිදුකර තිබේ.
මෙම අයහපත් කාලගුණය නිසා එක් රැයකින් 137,000 කට අධික පිරිසකට විදුලිය බිඳ වැටීමක් වූ නමුත්, බලශක්ති සමාගම් පැවසුවේ 99,000 කට වැඩි සංඛ්‍යාවක් වෙත යළි විදුලිය ලබාදීමට හැකි වූ බවයි.
මේ අතර ගුවන් සේවා සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක් එරට වෙත සිදුකරන ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, දුම්රිය සමාගම් කිහිපයක්ද සංචාරය අඩු කරන ලෙස මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ගුවන් තොටුපොළ මගීන් රැසක් කොටුවී සිටින අතර, සෙසු රියදුරන්ටද අමතර සැලකිල්ලක් යොමු කරමින් රිය ධාවනයට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම එරට විශාල පෙදෙසක් සඳහා තද සුළං ඇතිවීමේ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති අතර, ඇතැම් ස්ථෘනවල පැයට සැතපුම් 94ක වේගයකින් සුළං හමන බවද අනාවැකි පළ වී තිබේ.
ප්‍රිමියර් ලීග් තරගය ඇතුළුව අයහපත් කාලගුණය හේතුවෙන් ක්‍රීඩා ඉසව් රැසක් අත්හිටුවීමටද බලධාරීන් පියවර ගෙන ඇත.