සිම්බාබ්වේ හා ඉතියෝපියාවට සීනොෆාම් එන්නත් ලැබෙයි


චීන රජය විසින් ඉතියෝපියාවට පරිත්‍යාග කරන ලද සීනොෆාම්-19 එන්නත් තොගයක් ඊයේ (30දා) එරටට ළඟාවී තිබේ.

ඇඩිස් අබාබා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී මෙම මාත්‍රා තොගය ඉතියෝපියාවේ චීන තානාපති ෂාඕ ෂියුවාන්, ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ලියා ටැඩෙස් සහ ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍ය බර්තුකාන් අයනෝ විසින් පිළිගන්නා ලදී.

මේ අතර, සිම්බාබ්වේ මිලදී ගත් තෙවැනි සීනොෆාම් එන්නත් තොගය ඊයේ (30දා) එරටට ළඟාවී තිබේ.

එරට තුළ එන්නත් ලබාදීම සිදුවන්නේ අවම වශයෙන් පුරවැසියන් මිලියන 10ක් වත් එන්නත් කිරීම අරමුණු කර ගනිමිනි.

සිම්බාබ්වේ රජය විසින් චීනයේ සීනොෆාම් සහ සීනොවැක් එන්නත්, රුසියාවේ ස්පුට්නික් වී සහ ඉන්දියාවේ කොවැක්සින් යන කොවිඩ්-19 මර්දන එන්නත් හතරක් භාවිත කරයි.



Recommended Articles