සිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔබදියා මොයෝ කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්‍රදානය කළ බවට චෝදනා ලැබීමත් සමග ධුරයෙන් පහ කිරීම නිසා හිස් වූ තනතුරට නව පත්කිරීමක් සිදුකර තිබේ.
ඒ අනුව මෙම භයානක වසංගතයට මුහුණදී සිටින සිම්බාබ්වේ සෞඛ්‍ය සේවා නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උප ජනාධිපති කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කළ බව එරට ජනාධිපතිවරයා පවසයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව සිම්බාබ්වේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 4,221ක් තහවුරු වී, වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 81ක් බවට පත්ව ඇති පසුබිමක මෙම මහා පරිමාණ වංචාව සිදුව තිබේ.