සිම්බාබ්වේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු මෙන්ම, කණිෂ්ඨ වෛද්‍යවරු රාජකාරියට නොපැමිණීම තුළ දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ වී තිබේ.
නරක අතට හැරෙන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වැඩවර්ජනය කිරීම නිසා කණිෂ්ඨ වෛද්‍යවරු පිරිසක් සේවයෙන් පහ කිරීමට විරෝධය පාමින් මේ වනවිට ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුද මෙම විරෝධතාවට එක්ව තිබේ.
සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ අයහපත් තත්ත්වය ගැන සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු කියා සිටියේ සිම්බාබ්වේ වැසියන්ට නිහඬ සංහාරයක් අඛණ්ඩව සිදු වන බවයි.
වෛද්‍යවරුන්ට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යවශය ඖෂධ හා උපකරණ නොමැතිකම එහිදී, විශේෂයෙන් පෙන්වා ඇති අතර රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොන්දේසි තවදුරටත් අවශ්‍ය නොවන බව එම වෛද්‍යවරු අවධාරණය කරති.