සිම්බාබ්වේ බුලවායෝ නගරයේ පැවති දේශපාලන රැලියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් ජනපති එමර්සන් මනන්ගග්වා දිවි ගලවාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම ප්‍රහාරයෙන් පසුව ජනාධිපතිවරයා පවසා තිබුණේ තමන් ආසන්නයේම ප්‍රහාරය දියත් වුවත්, එය තමන්ට ජීවිතයට සමුදීමට අවස්ථාව නොවූ බවයි.
රැළියට සහභාගී වූ තම ආධාරකරුවන්ට ඇමතීමෙන් පසුව ඔහු වේදිකාවෙන් පිටත්ව යන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර, මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් පරිරෙන්යට්වා පවසයි.
කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් තුවාල වූ පිරිසේ නිවැරදි දත්ත තවමත් අපැහැදිලි බව පවසන එරට මාධ්‍ය, එය රජය විසින් දැනට ප්‍රකාශයට පත්කර ඇති ප්‍රමාණයට වඩා වැඩිවිය හැකි බවද කියයි.
එලැඹෙන ජූලි 30 වැනිදා රට පුරා පැවැත්වෙන මැතිවරණයට සූදානම් වීම සඳහා ජනාධිපතිවරයා එරට දෙවැනි විශාලතම නගරය වන බුලවායෝ වෙත පැමිණ තිබුණි. කෙසේ වෙතත්, මෙම නගරය විරුද්ධ පක්ෂයේ වැඩි බලයක් පවතින ප්‍රදේශයක් බව කියැවෙයි.