සිම්බාබ්වේ ඡන්දයේ ජයග්‍රහණය ගැන දෙපිරිසක් උදම් අනනවාලු


දශක හතරක රොබට් මුගාබේ පාලනයෙන් පසුව සිම්බාබ්වේ රාජ්‍යයේ පැවැති මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ දෙකම බලාපොරොත්තු දල්වාගෙන සිටින බව කියයි.

එරට වත්මන ජනපති එමර්සන් ම්නන්ගග්වා පවසා සිටියේ මේ වනවිටත් වඩාත් ධනාත්මක ප්‍රතිචාරයක් තමන් වෙත ලැබී ඇති බවයි.

කෙසේ වෙතත්, විරුද්ද පක්ෂ නායක නෙල්සන් චාමිසා පවසන්නේ තම පක්ෂය ඒකාන්තයෙන්ම ජයග්‍රහණය කරා ගමන් කර ඇති බවයි.

සඳුදා ඡන්ද විමසීමේදී සිම්බාබ්වේ ජනාධිපතිවරණය, මහ මැතිවරණය මෙන්ම, ප්‍රාදේශීය මැතිවරණයන්ද පැවැත්විණි.

දශක හතරකට වැඩි කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේගෙන් පසුව එරට පැවැත්වෙන ප්‍රථම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සඳහා 75%ක පමණ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් පැවති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.

මෙහිදී, තරුණ ඡන්ද වඩාත් ප්‍රබල සාධකයක් බවට පත්ව ඇති අතර, මිලියන 5.6ක් වූ එරට ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් අඩකට වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 35ට වඩා අඩු ඡන්ද බවද කියැවෙයි. 



Recommended Articles