සිම්බාබ්වේ පුරා පැතිර යන ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීමෙන් ජනපති එමර්සන් මනන්ග්වා සැලසුම් කර තිබූ යුරෝපා සංචාරය අවලංගු කර තිබේ.
ඩාවෝස් ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට මනන්ග්වා සූදානමින් සිටි අතර, එහිදී සිම්බාබ්වේ වෙත ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම ඔහුගේ ඉලක්කය වී තිබුණි.
කෙසේ වෙතත්, එරට තුළ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම පැතිර යන ප්‍රචණ්ඩක්‍රියා විරුද්ධ පක්ෂයේ අනුබලය ලබන්නක් බවට රජය චෝදනා කරයි.
නමුත්, එරට විරුද්ධ පක්ෂය රජය වෙත චෝදනා කරන්නේ ජනතාවට දරාගත නොහැකි ලෙස මිල වැඩිකිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
මේ දක්වා පැතිරුණු ප්‍රචණ්ඩක්‍රියා නිසා පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 78 දෙනෙකු තුවාල ලබා තිබේ.