වසංගතයට එරෙහි සටන දිගටම කරගෙන යද්දීත් සිම්බාබ්වේ හි කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව 200,000 සීමාවට පැමිණ තිබේ.
එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්ත වලට අනුව, වසංගතය ආරම්භයේ සිට සිදුකරන ලද පරීක්ෂණ 1,797,506 කින් දකුණු අප්‍රිකානු රට ආසාදිතයන් 199,404ක් වාර්තා කර ඇත. එමෙන්ම, වසංගතයේ මූලික රැලිවලදී දැඩි පීඩානයකට ලක් නොවූ රට තුළ දැන් මරණ 4,828ක්ද වාර්තා වී තිබේ.
දෙසැම්බර් 23දා බ්‍රහස්පතින්දා දක්වා අඛණ්ඩව පසුගිය දින පහ තුළ රට තුළ නව දෛනික ආසාදිතයන් 3,000කට වඩා වාර්තා කර ඇත.
වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ප්රයත්නයන් හිදී, සිම්බාබ්වේ රජය නැවත පැමිණෙන පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට සීමාවන් පනවා ඇති අතර, පරීක්ෂණ ප්‍රතිඵල නොතකා ඔවුන් අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කළ යුතු බවත්, දින 10ක නිරෝධායන කාලයක් ගත කළ යුතු බවත් දැනුම් දී තිබේ.
කඩ සාප්පු සවස 7.00ට කලින් වසා දමන ලෙස ද රජය නියෝග කර ඇත. කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා වෙනත් ස්ථාවර ක්‍රියාමාර්ග අතර, එන්නත් කරන ලද සේවාදායකයින් පමණක් ඇතුළත් කිරීමට රාත්‍රී සමාජශාලා සහ බාර්වලට අවසර දී ඇති අතර, පාරිභෝගිකයින්ට මත්පැන් අලෙවිසැල්වල මත්පැන් පානය කිරීමට අවසර නැත.
රටපුරා එන්නත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක වේ. මේ වනවිට රට තුළ එන්නත් මාත්‍රා 4,078,669ක් ලබාදී ඇති අතර, පුද්ගලයන් 3,088,672ක් සම්පූර්ණයෙන් එන්නත් කර ඇත.