සිඩ්නි සමස්ත කලාපය වෙතම ලොක්ඩවුන් සීමා පුළුල් කරයි


ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි, කොරෝනා වෛරසයේ අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ඉහළ යාමක් සමග සටන් වදින බැවින් බලධාරීන් සිඩ්නි සහ අවට සියලුම ප්‍රදේශ ඇතුළත් කරමින් ලොක්ඩවුන් සීමා පුළුල් කර තිබේ.

ඒ අනුව ඊයේ (26දා) සවස 6.00 සිට ග්‍රේටර් සිඩ්නි, බ්ලූ මවුන්ටන්, සෙන්ට්‍රල් කෝස්ට් සහ වොලොන්ගොන් යන ප්‍රදේශ සියල්ලම සති දෙකක කාලයක් සඳහා ලොක්ඩවුන් තත්ත්වයට පත්වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහ ඇමති ග්ලැඩිස් බෙරෙජික්ලියන් පැවසීය.



Recommended Articles