සිඩ්නි නුවර තේමා උද්‍යාන යළි විවෘත කිරීමට සූදානම්


ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි තේමා උද්‍යාන යළිත් විවෘත කිරීමට සූදානම් වන අතර, නව කාර්ය මණ්ඩල ඔවුන්ගේ විනෝදාස්වාද යන්ත්‍රෝපකරණ පරීක්ෂා කරමින් ඒවා ජනතාවට සූදානම් කරන බව එරට මාධ්‍ය පවසයි.

ලෝකයේ දීර්ඝතම ලොක්ඩවුන් පැවති නගරයක් ලෙස සිඩ්නි නගරයද සැලකෙන අතර, එරට එන්නත්කරණ අනුපාතය ඉහළ නංවද්දී ක්‍රමයෙන් සීමා ලිහිල් කිරීම ඇරඹුණි.

ඒ අනුව මේ වනවිට ජනතාවට විනෝදාස්වාදය සපයන තේමා උද්‍යානද ක්‍රමයෙන් විවෘත වෙමින් පවතින අතර, පසුගිය ජුනි 26දා ලොක්ඩවුන් සීමා පැනවීමෙන් පසු මේ දක්වා ඒවා වසා දමා තිබුණි.

එක් තේමා උද්‍යානයක වෘත්තිකයෙකු වන ජෝර්ජියා කියා සිටියේ තම රැකියාවට ආපසු යා හැකි වන්නේ කවදා දැයි සිහින දකිමින් සිටි බවය. ලොක්ඩවුන් සීමා යටතේ නිවසේ සිරවී සිටි කාලය ක්‍රමයෙන් පහව යනු ඇති බව ඇයගේ බලාපොරොත්තුවයි.



Recommended Articles