පූසන්, කිඹුලන්, නාගයන් සහ කුරුල්ලන්ගේ මමී බවට පත්කළ සිරුරු රැසක් පුරාණ ඊජිප්තු සොහොන් ගැබක තිබී හමුවී තිබේ.
මෙම සත්ව මමී තොගය පසුගිය වසරේදී සොයාගෙන තිබුණත්. ඒවා ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීම පසුගියදා කයිරෝ නුවරදී සිදුවිය.
මෙම සත්ව මමීවලට අමතරව වෙස් මුහුණු, ප්‍රතිමා ආදියද මෙම ප්‍රදර්ශනයේදී මහජනතාවට දැකබලා ගැනීමට සලස්වා තිබුණි.
මෙසේ ප්‍රදර්ශනය කළ සත්ව රූප අතර සිටින්නේ කුඩා සිංහ පැටවුන් දෙදෙනෙකුද යන්න තහවුරු කරගැනීමට තවදුරටත් පර්යේෂණ පැවැත්වෙන බවද ඊජිප්තු පුරාවිද්‍යා බලධාරීහු පවසති.
සාමාන්‍යයෙන් මමී බවට පත්කළ පූසන්ගේ සිරුරු මීට පෙරත් ඊජිප්තු ශිෂ්ටාචාරය තුළ හමුවී තිබුණත්, සිංහයන්ගේ මමී හමුවීම සාමාන්‍යයෙන් දුර්ලභ අවස්ථාවක් ලෙස ඔහු වැඩිදුරටත් පවසති.