සිංගප්පූරුවේ ව්‍යාජ ප්‍රවෘත්ති නීතිය ෆේස්බුක් සටහන් නිවැරදි කරවයි


සිංගප්පූරුවේ ක්‍රියාත්මතක "ව්‍යාජ ප්‍රවෘත්ති" නීතියක් යටතේ ෆ්‍රින්ජ් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති පෝස්ට් එකක් නිවැරදි කරන ලෙස සිංගප්පූරු රජය නියෝග කර තිබේ.

මෙම වසර මුලදී සම්මත කරන ලද නීතිය සතියකට අඩු කාලයකදී ක්‍රියාත්මක කරන ලද දෙවැනි අවස්ථාව මෙයයි.

ස්ටේට්ස් ටයිම්ස් රිවීව් (SRT) විසින් කරන ලද ලිපියක “අසත්‍ය ප්‍රකාශ” අඩංගු බව පවසමින් රජය මෙම නව නීතිය ක්‍රියාත්මක කර ඇත.

කෙසේ වෙතත්, SRT සංස්කාරක ඇලෙක්ස් ටැන් පැවසුවේ “විදේශීය රජයක නියෝගයකට අනුකූල නොවන” බවයි.

තමා ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු බවත් කිසිදු ලිපියක් ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියානු පොලිසියෙන් කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බවත් ටැන් පවසයි.

 සතිය මුලදී දේශපාලන ක්‍රියාදරයෙකු වූ බ්‍රැඩ් බෝයර් ෆේස්බුක් සටහනක් නිවැරදි කළේ ඔහුට “නිවැරදි කිරීමේ උපදෙස්” නිකුත් කිරීමෙන් පසුවය.

මෙම STR ලිපියෙන් කියැවී තිබුණේ, සිංගප්පූරුවේ පාලක පක්ෂයේ සාමාජිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම ගැන රහසිගත තොරතුරු හෙළි කරන්නෙකු අත්අඩංගුවට ගත් බවයි.

නමුත්, එසේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් නිවැරදි කිරීම් සිය වෙබ් අඩවියේ නිකුත් කර ඇති බවත් රජය පැවසීය.

එහිදී, SRT විසින් මැතිවරණ දෙපාර්තමේන්තුවට, අගමැතිට සහ සිංගප්පූරුවේ මැතිවරණ ක්‍රියාවලියට එරෙහිව දරුණු චෝදනා එල්ල කළා” යැයි රජය ප්‍රකාශය පවසයි.



Recommended Articles