සිංගප්පූරුවේ අනුමැතිය මොඩෙර්නා එන්නතට


මෝඩර්නා හි කොවිඩ්-19 එන්නත සඳහා අනුමැතිය ලබා දුන් ආසියාවේ පළමු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ.

ඒ අනුව මෙම එන්නතේ පළමු තොගය මාර්තු මාසයේදී පමණ අපේක්ෂා කරන බව එරට පවසයි.

මෝඩර්නා කොවිඩ්-19 එන්නත සිංගප්පූරුවේ වසංගත භාවිතය සඳහා බලය පවරන ලද දෙවැන්නයි. ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත මේ වනවිටත් අනුමැතිය ලබා එරට තුළ භාවිතයට ගනිමින් තිබේ.

ඒ අනුව අඟහරුවාදා වනවිට පුද්ගලයින් 175,000කට වැඩි පිරිසකට කොවිඩ්-19 එන්නත ලබා දී ඇති බව සිංගප්පූරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



Recommended Articles