සිංගප්පූරුවෙන් යළි කොවිඩ් ආසාදිතයන් හමුවීම වැඩිවේ


සිංගප්පූරුවෙන් ගෙවුණු ඉරිදා දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 429ක් වාර්තා වූ අතර, රට තුළ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 280,290ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH) විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛනවලට අනුව, නව ආසාදිතයන්ගෙන් 128ක් ප්‍රජාව තුළද, 4ක් සංක්‍රමණික සේවක නේවාසිකාගාරවලද, 297ක් විදේශයන්හි සිට පැමිණි ආසාදිතයන් බවද කියයි.

එසේම ඉරිදා දිනයේ නව ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් 155ක් තහවුරු වී ඇති අතර, ඉන් 36ක් දේශීයවත්, 119ක් විදේශයන්හි සිට පැමිණි අය බවත් අමාත්‍යාංශය පවසයි.

ආසාදිත රෝගීන් 266දෙනෙකු දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන අතර, රෝගීන් 14දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ (ICU) බරපතල තත්ත්වයේ පසුවන බවද එරටින් වාර්තා වෙයි.



Recommended Articles