සිංගප්පූරු බලධාරීන් විසින් ටොන් 8.8ක් බර ඇත් දළ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙය දැනට අත්අඩංගුවට පත්ව ඇති දැවැන්තම ඇත්දළ තොගය බව සඳහන් වේ.
එරට බලධාරීන් තක්සේරු කරන ආකාරයට මෙම ඇත්දළ තොගයේ වටිනාකම ඇ.ඩො.මිලියන 12.9ක් පමණ වන අතර, එය අප්‍රිකානු දළ ඇතුන් 300කගෙන් පමණ ලබාගෙන ඇති බව විශ්වාස කෙරෙයි.
මේ අතර, පැන්ගොලින් සතුන්ගේ කොරපොතු ටොන් 11.9ක්ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම ඇ.ඩො.මිලියන 35.7ක් බවට ඇස්තමේන්තු කර ඇත.
එහිදීද, මෙම ක්ෂීරපායී සතුන් 2,000ක් පමණ ඝාතනය කර මෙම කොරපොතු ලබාගෙන ඇති බව විශ්වාස කෙරෙයි.
චීනයේ රේගු බලධාරීන්ගෙන් ලැබුණු ඔත්තුවකට අනුව බහාලුම් පරීක්ෂා කිරීමේදී මෙම දැවැන්ත ජාවාරම හසුකර ගැනීමට සිංගප්පූරු බලධාරීන්ට හැකිවී තිබේ.
මෙම බහාලුම් කොංගෝ රාජ්‍යයේ සිට ගෙනැවිත් ඇති අතර, සිංගප්පූරුව හරහා වියට්නාමය වෙත ප්‍රවාහනය කරමින් තිබී ඇත.
මෙම කන්ටේනර් තුළ දැව ප්‍රවාහනය කරන බවට හඟවමින් මෙම ජාවාරම සිදුකර ඇති බවත්, අත්අඩංගුවට පත් මෙම ඇත් දළ හා පැන්ගොලින් කොරපොතු තොගය විනාශ කිරීමට කටයුතු කරන බවත් සිංගප්පූරු බලධාරීන් වැඩිදුරටත් පවසයි.