සිංගප්පූරු පෙන්ගුවින්ලාට පෙනුම දෙන්න කාච දාලා


සිංගප්පූරු සත්වෝද්‍යානයේ සිටි වයස්ගත පෙන්ගුවින් තිදෙනෙකු වෙත කෘත්‍රිම අක්ෂි කාච සවිකිරීමේ සුවිශේෂී ශල්‍යකර්මයක් සිදුකර තිබේ.

මෙම සතුන්ගේ ඇසේ සුද මතුවීම නිසා එම සතුන්ට පැවති පෙනීමේ ආබාධයන්ට පිළියමක් ලෙස සුද ඉවත්කිරීමේ සහ කෘත්‍රිම කාච සවි කිරීමේ ශල්‍යකර්ම සිදුකර ඇත.

ඇසේ සුද මතුවීම සාමාන්‍යයෙන් මිනිසුන්ට මෙන්ම, සතුන්ටද ඇතිවන රෝගාබාධයක් වන අතර, වයසත් සමග ඇස් පෙනීම දුර්වලවීමට මෙය බලපායි.



Recommended Articles