සෑම දිනකම යුක්රේනයට ආයුධ දෙනවා - ඇමෙරිකාව


රුසියානු හමුදා පළවා හැරීමට සහ මොස්කව් දුර්වල කිරීමේ සහ හුදකලා කිරීමේ එක්සත් ජනපද ඉලක්කයට සහාය දැක්වීමට අවශ්‍ය සියල්ල කියෙව් සතුව ඇති බව සහතික කරමින්, යුක්‍රේනයේ ආයුධ අවශ්‍යතාව ඉටු කිරීමට වොෂිංටනය සෑම දිනකම කටයුතු කරමින් සිටින බව එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ප්‍රකාශ කර තිබේ.

"අපි එක්සත් ජනපදය ලෙස අපට කළ හැකි සෑම දෙයක්ම කරනවා, පැය විසිහතරේම වැඩ කරමින්, අපේම ආයුධ ලබා දීමට සහ යුක්රේනයට අවශ්‍ය දේ ලැබෙන පරිදි වෙනත් බොහෝ රටවලින් ආයුධ බෙදා හැරීම සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සිදුකරනවා" සුලිවන් ප්‍රවෘත්ති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ඔහු සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති මාර්ක් මිලී, කියෙව් විසින් මේ වනවිට ඉල්ලා සිටින අවි පද්ධති ගැන සාකච්ඡා කිරීමට යුක්රේනියානු ඉහළම ආරක්ෂක නිලධාරීන් සමග පැය දෙකක දුරකථන ඇමතුමක් ලබාගත් බවද සුලිවන් සඳහන් කළේය.



Recommended Articles