සැමෝවා රාජ්‍යයේ සරම්ප රෝගය ඉස්මතු වෙයි - දැනටත් මරණ 22ක්


පැසිෆික් දූපත් රාජ්‍යයක් වන සැමෝවා රාජ්‍යයේ සරම්ප රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන අතර, මේ දක්වා පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කියයි.

මියගිය අය අතර වැඩි පිරිස වයස අවුරුදු 5ට අඩු දරුවන් ලෙස හැඳිනගෙන අති අතර, එරට රජය පවසන්නේ මේ වනවිට රෝගීන් 1,797 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි. පසුගිය සිකුරාදා පමණක් සිද්ධීන් 153ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, රෝගය පාලනය කිරීම සඳහා පසුගිය සතියේදී එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් සියලුම පාසල් වසා දැමීමට කටයුතු කර තිබුණි.

එමෙන්ම, වයස අවුරුදු 17ට අඩු දරුවන්ට ප්‍රසිද්ධ ස්ථානවල හා ඒකාරශී වීම තහනම් කෙරුණු අතර, ඔවුන් සියලු දෙනා එන්නත් කිරීමකට ලක්කිරීම අරඹා තිබුණි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වන යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන්නේ සැමෝවා රාජ්‍ය තුළ එන්නත් ලබාගැනීමේ ප්‍රතිශතය 28%-40%ක් අතර තිබූ බවයි.

මේ අතර, නවසීලන්තය ඔවුන්ට අවශ්‍ය එන්නත් හා හෙදියන් පවා හදිසි තත්ත්වයක් ලෙස සලකා ලබාදීමට කටයුතු කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.



Recommended Articles