සැම්සුන්ග් සමාගමේ චිප නිපදවීමේ ව්‍යාපාරයේ කඩා වැටීමත් සමග එහි ආදායම්වල පැහැදිලි පහළ යෑමක් පෙන්නුම් කරන බව වාර්තා වෙයි.
ජංගම දුරකථන සහ චිප නිෂ්පාදනයේ ලොව විශාලතම සමාගම ලෙස සැලකෙන සැම්සුන්ග් සමාගමේ මෙහෙයුම් ආදායම් 56%ක් පහළ ගොස් ඇත.
මෙය කර්මාන්තය තුළ පැහැදිලි මන්දගාමීබවක් පෙන්නුම් කර ඇති අතර, ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවී තිබෙන වෙළෙඳ යුද්ධය මෙයට හේතුව බව විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම, සෝල් සහ ටෝකියෝ අතර ඇතිවී තිබෙන වෙළෙඳ යුද්ධයද දකුණු කොරියානු සමාගමේ පරිගණක චිප නිෂ්පාදන ව්‍යාපාරයට දැඩි බලපෑමක් ඇති කර තිබේ.